දඩයක්කරුවන් ගැන 1992ට කියන්න | Page 2 | සිළුමිණ

දඩයක්කරුවන් ගැන 1992ට කියන්න

දැඩි නියං කාලයේ ජලය සොයා එන වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන තිබේ.

සිඳීගිය වැව් හා දිය කඩිති ආශ්‍රිතව දිය වළවල් සාදා එකී ජලයට වස මිශ්‍ර කර වන සතුන් දඩයම් කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විශේෂයෙන් කතරගමට පැමිණෙන පිරිස් වෙත සහ පිට ප්‍රදේශ සඳහා අලෙවි කිරීම සඳහා වන සතුන් මේ ආකාරයෙන් දඩයම් කරන බවට අනාවරණය වි ඇති බවත් විෂ ශරීරගත කිරීමෙන් මියයන සතුන්ගේ මාංශ මිනිස් පරිභෝජනයට නුසුදුසු වන බවත් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වන සතුන් දඩයම් කරන්නන් සොයා සිදු කරන වැටලීම් නියං කාලය තුළ වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු 1992 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments