උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ | Page 2 | සිළුමිණ

උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

විභාග දෙපාර්තමේන්තුව විසින් 2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඒ අනුව බොහෝ දුරට මේ මස අවසානයේදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය. මේ අතර, සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර පසුගිය 18 දින සිට ආරම්භ වූ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ලබන 27 වැනිදා දක්වා පවතින බවත්ය.

මේ අතර පහ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ලබන මස පළමු වැනිදා දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Comments