
සිකුරාදා මා වේලාසනම නින්දට ගියෙමි. සෙනසුරාදා පාන්දර වෙනදා වෙලාවටම අවදි වූ නමුත් උදේ හතේ බසය බලාපොරොත්තුවෙන් සෙමින් සෙමින් උදෑසන රාජකාරී කටයුතු නිම කළෙමි. පුරුදු ඩෙනිම් කලිසමට උඩින් සුදු පාට කමිසයක් පැලඳගත් මම උදෑසන හතේ බසය බලා පිටත් වූයේ වෙනදා මෙන්ම විශ්වකර්ම දේවතාවුන් වහන්සේගේ ආසිරි ලබමින්මය. ඕනෑම ගමනක් බිමනක් යාමට පළමුව ‘තෙවරක් සිහිකොට ඒ ගමන පිටත් වෙයන්’ කියා විශ්ව කර්ම ස්තෝත්‍රය මට දුන්නේ මගේ පියාණන් නමුදු මා එය භාවිත කරන්නට පටන් ගත්තේ විශ්ව විද්‍යාල අවධියේ සිටය.
"විශ්ව කර්ම ජගත් මාතා - විශ්ව කර්ම ජගත් ගුරු
විශ්ව කර්ම විධීයන්තෙ - විශ්ව කර්ම නමොස්තුතෙ
මේ දැහැන මා ගෞරවයෙන් සිහිපත් කොට බස් නැවතුම කරා ගියෙමි. අද සෙනසුරාදා බැවින් බසයේ සෙනඟ අඩුය. 'ඇටියාවල' කඩමණ්ඩියෙන් බැස්ස ගමන් බුලත් අතක් සහ තවත් යමක් මිලට ගත යුතු යැයි මට සිහි වූයේද විශ්ව විද්‍යාල සමයේ මා ඉගෙන ගත් ශ්ලෝකයක් සිහිපත් වීමෙනි.
"දේවෝ රාජා ගුරුර් භාර්ාඃ
වෛද්‍ය නක්ෂත්‍ර පාඨකඃ
නගචෙඡත් රිකත හසෙතන
කාර්්‍යං නිෂ්ඵලං භවෙන්"
එහි කියැවෙනුයේ දෙවියන්, රජුන්, බිරිය, වෛද්‍යවරයා සහ නක්ෂත්‍රකරුවා කරා යෑමේදී හිස් අතින් නොයා යුතු බවය. එසේ හිස් අතින් ගියහොත් කාර්යය නිෂ්ඵල වනවාමය. ඉතින් මා එයද සිහිපත් කරගෙන ඇටියාවල හන්දියෙන් බැස ගඟ අද්දර කඩමණ්ඩියෙන් බුලත් අතක් සහ පලතුරු කීපයක් මිලට ගෙන ගඟ අද්දර මාටින් ගුරුන්නාන්සේගේ නිවස විමසා සෙමින් සෙමින් එහි ඇදුණේ වටපිටාවේ සුන්දරත්වය නරඹමිනි.
මාටින් ගුරුන්නාන්සේගේ ඉඩමට ඇතුළු වන තැන උණ බම්බු තුනක් හරස් කොට කඩුල්ල යොදා තිබිණි. මා උඩින් ඇති උණ බම්බුව පසෙකට තල්ලු කොට ඉතිරි දෙක උඩින් පැන වත්තට ඇතුළු විමි. ඒ වත්ත තරමක් විශාල බව පෙනේ. නිවස කිට්ටුවට යන විට අමුඩයකින් සැරැසී පිහියක් ඉණේ ගසාගත් උඩු රැවුල කරකැවූ දේහධාරී පුද්ගලයෙක් ලණු ඇඳ මත ඉඳගෙන සිටිනු දුටුවෙමි. මා එන බව දුටු ඔහු නොනැඟිටම, ගණනකටවත් නොගෙන "මහත්තයා මේ පැත්තේ" යැයි ඇසුවේමි. මා පැමිණි කාරණය කුමක්ද යන්න විමසමිනි. ජේන්හාමි ඉස්කෝලේ නෝනාගේ තොරතුරු මත මම මෙහි පැමිණි බවත් මා අල්ලපු ගමේ ඉස්කෝලේ ගණිත අංශයට පැමිණි නවක ගුරුවරයෙකු බවත් මා මාටින් ගුරුන්නාන්සේට පැවසිමි. මගේ ගැටලුවද මා ඔහුට ඉදිරිපත් කළෙමි.
මගේ පියාගේ හවුල් ඉඩමක ප්‍රශ්නයක් පවතින බවත් ඊට නඩුවක් පවරා ඇති බවත් එය දිගුකාලීනව ඇදෙන නිසා ඊට මාටින් ගුරුන්නාන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වන බවත් මා පැවසිමි.
"මහත්තයා අර පැත්තට ගිහින් පියවර මැනගෙන එන්න” කියා කී ඔහු "සේන කොලුවෝ මෙහෙ වරෙන්, මේ මහත්තයාගේ පියවර මැන ගන්න උදවු කරපන්" යැයි කී විට කළු පැහැති කුඩා කොලු ගැටයෙක් නිවස ඇතුළේ සිට එළියට පැමිණ මා සමඟ ඉර එළිය වැටී ඇති තැනකට ගියේය. මට නිශ්චලව සිටින සේ පැවසූ ඔහු මගේ විළුඹ පැත්තෙන් ඉරක් ඇඳ සෙවණැල්ලේ අගද ඉරක් ඇන්දේය. “මහත්තයා දැන් අඩියෙන් අඩිය මැනගෙන එන්න” යැයි පවසමින් මෙසේ කරන්න යැයි ද ඔහු පාද තබා මට පෙන්වීය. අවසානයේ ඔහු මගේ පාදයෙන් විළුඹේ සිට මාපටඟිල්ල දක්වා දිග ද කෝටු කැබැල්ලකින් මැන්නේය. මේ තොරතුරු ටික රැගෙන අප දෙදෙනා මාටින් ගුරුන්නාන්සේ ගාවට යළි ගියෙමු.
“මහත්තයාගේ නම මොකක්ද” ගුරුන්නාන්සේ ඇසුවේය. ‘මම කමල්‘ යැයි කීවෙමි. 'කමල්' - 'කමල්' කියමින් ඔහු හිතෙන් යම් ගාණක් සෑදූ බව සිතමි.
මහත්තයා ඇත් යෝනියේ භේරුණ්ඩ පක්ෂියගේ 'හා හා හොඳයි' යැයි කී ඔහු මා දන්නා නොදන්නා තොරතුරු කීපයක්ම පැවැසීය. කාරිපුරෙගො, ආදී වශයෙන් ඒ අකුරු පහ විවිධ ආකාරයෙන් කියමින් ඇඟිලි පහ නමමින් කුමක්දෝ තවත් ගණනක් සාදන බව මට පෙනුණි. කුතුහලය බොහෝ වුවත් ප්‍රශ්න කිරීමට බිය විමි. කෙසේ වෙතත් ඔහු මගේ ප්‍රශ්නය විසඳා දිය හැකි බව පැවසුවත් යම් ගැටලුවක් ඇති බවද පවසන ලදි.
“ඉන්නකෝ මම දෙයක් කරලා දෙන්නම්“ යැයි ඔහු පවසන ලදින් එයද අස්වැසිල්ලක් බැවින් මා ඊට එකඟ වීමි.
“මහත්තයා ගෙදර යන්නෙ කවදද?“ මාටින් ගුරුන්නාන්සේ මගෙන් ඇසීය. ඒ වගේම "මහත්තයගෙ අප්පච්චිගෙ නමත් මේ පොතේ ලියල දෙනවා හොඳයි” යැයි කියමින් කොපි පොතක් මා අත තැබීය. මා එහි අප්පච්චිගේ නම "ගෝමස්" යැයි ලීවෙමි. “හරි... මහත්තය යනව කීවේ විසිහත් වැනිදා තරමනෙ. ඊට දවස් දෙකකට කලින් ඇවිත් යන්න" යැයි පවසා ඔහු මට සමුදුන්නේ තවත් කීප දෙනෙකු ඔහු හමුවීමේ අටියෙන් පසෙක සිටි බැවිනි.
මගේ ගමන අසාර්ථක නැත. පියවර මනින ආකාරය පොතපතින් කියවා අසා සිටියාට එය දුටුවේ අදමය. එය මට අලුත් අත්දැකීමකි. මහත්තයා ඇත් යෝනිය මට ඒ කතාව ප්‍රහේලිකාවකි. "භේරුණ්ඩ පක්ෂියගේ" එය මගේ කේන්දරයේ ලියා ඇති බව එම මොහොතේම මට මතක් වුවත් මගේ කේන්දරේ ලියා ඇත්තේ "අශ්ව යෝනිය" බව මට මතක් වූයේ පසුවය. කෙසේ වෙතත් කුතුහලය සහ බලාපොරොත්තුව පිරි හදවතින් ආපසු නවාතැන් පළට යන කල ඉස්කෝලේ නෝනාව බලා යාමටත් අමතක නොකළෙමි.
මගේ ඉඩම් ප්‍රශ්නය නොව මාටින් ගුරුන්නාන්සේගෙන් ඉගෙනීමට හැකි වේදෝ යැයි සිතමින් එදින බොහෝ වේලාවක් නිදි වර්ජිතව කල්පනා කළෙමි. පාන්දර යාමයේදී සිහිනෙන්දෝ සැබැවින්දෝ යැයි සිතාගත නොහැකි විය. ගණ දෙවියන්ගේ රුව පෙනි පෙනී නැති විය. කෙසේ වෙතත් මා පසු දින උදයේම බුදුන් වැඳ ගණ දෙවියන්ටද පින් දී විශ්ව විද්‍යාල කාලයේ මා උගත් ගණදෙවි ස්තෝත්‍රයක්ද ගායනා කළෙමි.
"නීල සිංහාසන දේව- නීල පද්මොප .......භිත
නීලාම්බර ධර නිත්‍ය - නීල ගනධානු ලේපන
නීලාක්ෂ සුත්‍ර හසතාච - නීල චන්දන චාර්විත
වන්දිත සිද්ධ ගාන්ධර්වෛ - සෘෂිභිහි සුථුයතෙ සදා
නීලා සරස්වතී රූප - ශ්‍රී උචජිෂාට මහා ගණපති නමඃ
වෙනදාටත් වඩා භක්තියෙන් ගායනා කරමින් ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට ලැබේවා යැයි ප්‍රාර්ථනා කෙරුවෙමි.
ඉතිරි කොටස ලබන සතියට...