![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/18/remand-2-5.jpg?itok=qZRafEWx)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තරංගගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙයි.
එගොඩඋයන පොලිස් වසමේ කොරලවැල්ල සුසාන භුමිය ආසන්න ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙයි
පොලීසිය සඳහන් කළේ ජංගම දුරකථනයක්, යතුරුපැදියක් සහ මුදලින් රුපියල් 115,000ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි.
මෙම සැකකරු, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මෙරට මත්ද්‍රවය ජාලය හසුරුවන තරංග නමැත්තාගේ ගෝලයකු බවට කරුණු අනාවරණය කරගෙන ඇති බව සඳහන් වෙයි.