‘මැණිකේ’ ටයිම්ස් චතුරශ්‍රයේ | සිළුමිණ

‘මැණිකේ’ ටයිම්ස් චතුරශ්‍රයේ

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ජාත්‍යන්තර ඇගැයීම් ලැබූ ශ්‍රී ලාංකේය ගායිකා යොහානි ද සිල්වා ගේ ඡායාරූපයක් මෙම දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබේ.

සුප්‍රසිද්ධ Spotify ආයතනය මඟින් හඳුන්වා දී ඇති South Asian Heritage Month නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඇය මෙම දැන්වීම සඳහා තෝරා ගෙන තිබේ. ඒ පිළිබඳ ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා තිබුණේ මෙවැන්නකි. “ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය සහ සංගීතය ලොව පුරා නියෝජනය කිරීමට ලැබීම ගැන මට ආඩම්බරයි! එක්සත් ජනපදය සමඟ මගේ සංගීතය බෙදා ගැනීමට මෙම අපූරු අවස්ථාව සලසා දුන්නාට ස්තූතියි.”

Comments