ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ධුරයට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න | සිළුමිණ

ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ධුරයට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණ නිලධාරියකු වූ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ධුරයට අගෝස්තු 8 වැනිදා සිට පත් කර තිබේ. නව තනතුරට පත් වූ ඔහුට ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සුබ පැතූ අයුරුයි මේ.

උසස් අධ්‍යාපන සහ සමෘද්ධි යන අමාත්‍යාංශයන්හි ලේකම් තනතුරු දැරූ ආචාර්ය නවරත්න ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ. කෑගල්ල ශා. මරියා සහ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලැබූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හැදෑරුවේ ජපානයේදීය.

කාගිල්ස් සහ හේලීස් ෆ්‍රැබ්රික්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරයකු ලෙස ආචාර්ය නවරත්න කලක් කටයුතු කර තිබේ.

(ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)

Comments