මාස 6ක වැටලීම්වලින් කෝටි 13ක දඩ | සිළුමිණ

මාස 6ක වැටලීම්වලින් කෝටි 13ක දඩ

ජනවාරි සිට ජූනි මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 13ක දඩ මුදලක් අය කරගන්නට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සිළුමිණට පැවැසීය.

එම මාස 6 තුළ වැටලීම් 13,493ක් සිදු කරන ලද අතර නඩු පැවරීමෙන් රු.13,26,75,400/- ක මුදලක් වැරදිකරුවන් හට දඩ නියම කරන්නට හැකිව තිබේ. එමෙන්ම ජූනි මාසය තුළ පමණක් වැටලීම් 2,411ක් සිදුකර ඇති අතර නඩු පැවරීම්වලින් වරදකරුවන් ගෙන් රුපියල් 2,36,41,000/ක මුදලක් අය කර ගන්නට හැකිව තිබේ. පසුගිය ජූලි මාසය තුළත් සිදුකළ මහා පරිමාණ වැටලීම් ගණන 18කි.

Comments