
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය නිර්මාතෘ, ජ්‍යොතිෂ මර්තණ්ඩ සොතිද මන්නාන් කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා ඉදිරිපත් කළ ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය (The Golden Rule of Krishnamurthi Padhdhathi), කාල නිගමනය කිරීම සඳහා බෙහෙවින් උපයෝගී කරගත් සිද්ධාන්තයක් විය.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ පාලක ග්‍රහයන් 5 දෙනෙකි. ඕනෑම මෙහොතක පාලක ග්‍රහයන් මෙසේ වෙති.
1. දිනාධිපති,
2. රාශිය අධිපති,
3. නක්‍ෂත්‍රය අධිපති,
4. උදා ලග්නය අධිපති සහ
5. උදා ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති යනුවෙනි.
යම් මොහොතක පාලක ග්‍රහයන් බලවත් වන්නේ මෙසේ ය.
1. බලවත්ම පාලක ග්‍රහයා වන්නේ අදාළ මෙහොතෙහි උදා වෙමින් පැවති ලග්නයේ නක්‍ෂත්‍ර ප්‍රදේශය පාලනය කළ ග්‍රහයා ය,
2. ඊළඟට බලවත් පාලක ග්‍රහයා වන්නේ අදාළ මෙහොතෙහි උදා වෙමින් පැවති ලග්නය පාලනය කළ ග්‍රහයා ය,
3. 3 වැනිව බලවත් පාලක ග්‍රහයා වන්නේ අදාළ මෙහොතෙහි සඳූ ග්‍රහයා ගමන් කරමින් සිටි නක්‍ෂත්‍රය පාලනය කළ ග්‍රහයා ය,
4. 4 වැනිව බලවත් පාලක ග්‍රහයා වන්නේ එම සඳූ ග්‍රහයා ගමන් කරමින් සිටි රාශිය පාලනය කළ ග්‍රහයා ය,
5. බලවත් බවින් අඩුම පාලක ග්‍රහයා අදාළ දිනය අධිපති ග්‍රහයා වෙයි.
පාලක ග්‍රහයන් සමඟ සංයෝග වූ ග්‍රහයන්ද එකතු කර ගන්න. මෙසේ සංයෝග වූ ග්‍රහයන් බලාපොරොත්තුව ඉටුවන වේලාවේදී ක්‍රියාත්මක වෙති.
යම් පාලක ග්‍රහයකු වෙනත් ග්‍රහයෙකු වෙත දෘෂ්ටි හෙළන්නේ නම් එම ග්‍රහයන්ද පාලක ග්‍රහයන්ට ඇතුළත් කරන්න.
එසේම වෙනත් ග්‍රහයෙකු යම් පාලක ග්‍රහයකු වෙත දෘෂ්ටි හෙළන්නේ නම් එම ග්‍රහයන්ද පාලක ග්‍රහයන්ට ඇතුළත් කරන්න.
පාලක ග්‍රහයන් හිමි රාශිවල ඡායා ග්‍රහයෙකු තැන්පත්ව සිටියේනම් එම රාශිය අධිපති ග්‍රහයා ඡායා ග්‍රහයාගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි. යම් ජන්මියෙකු ගත කරන දශාව භුක්තිය සහ අන්තරය අධිපති ග්‍රහයන් පාලක ග්‍රහයන් සමඟ එකඟ වෙති.
යම් පාලක ග්‍රහයකු වක්‍රව සිටින වෙනත් ග්‍රහයෙකුගේ නක්‍ෂත්‍රයක සහ උප ස්ථානයක තැන්පත්ව සිටියේනම් ඔහු ඉවත් කරන්න. වක්‍රව සිටින පාලක ග්‍රහයකු ඍජු ගමනේ සිටින ග්‍රහයෙකුගේ නක්‍ෂත්‍රයක සහ උප ස්ථානයක තැන්පත්ව සිටියේනම් ඔහු යොදා ගන්න. එහෙත් එම ග්‍රහයා වක්‍රයෙන් මිදෙනතුරු බලාපොරොත්තුව ඉටු නොවෙයි.
යම් පාලක ග්‍රහයකු තවත් පාලක ග්‍රහයකුගේ නක්‍ෂත්‍රයක හෝ උප ස්ථානයක තැන්පත්ව සිටියේනම් ඔහු බලවත් වෙයි. වක්‍රව සිටින වෙනත් ග්‍රහයෙකුගේ නක්‍ෂත්‍රයක සහ උප ස්ථානයක තැන්පත්ව සිටියේ නම් ඔහු ඉවත් කරන්න. යම් පාලක ග්‍රහයකු ස්වකීය උප ස්ථානයක තැන්පත්ව සිටියේ නම් ඔහු ඉතා බලවත් වෙයි.
ක්‍රිස්තු වර්ෂ 2023 අගෝස්තු මාසයේ 13 වැනි රවි දින පෙරවරු 09.00.00 ට පාලක ග්‍රහයන් මෙසේය;
1. දිනාධිපති රවි,
2. රාශිය අධිපති, මිථුන 20 22 08 බුධ
3. නක්‍ෂත්‍රය අධිපති, පුනාවස ගුරු
4. උදා ලග්නය අධිපති, කන්‍යා 09 45 42 බුධ
5. උදා ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති රවි යනුවෙනි.
මේ අවස්ථාවේ උදාවූ බලවත්ම පාලක ග්‍රහයා රවිය. මෙසේ මතු වන පාලක ග්‍රහයන් අතුරෙන් එක් වරකට වඩා වැඩි වාර ගණනක් මතුවන ග්‍රහයන්ද බලවත් වෙති. මේ අවස්ථාවේදී රවි ග්‍රහයා දෙවරක්ද, බුධ ග්‍රහයා දෙවරක්ද මතු වී ඇත. එහෙයින් රවි සහ බුධ ග්‍රහයන් දෙදෙනා බලවත් වෙති.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ කාල නිගමනය සඳහා පාලක ග්‍රහයන්ගෙන් ලැබෙන සහයෝගය අතිමහත්ය. යම් කාර්යයක් සඳහා ජන්ම පත්‍රයේ හෝ තත්කාල කේන්දරයක නිවේදක ග්‍රහයන්ගෙන් වඩාත් පලදායී ග්‍රහයන් තෝරා ගැනීම සඳහා පාලක ග්‍රහයන් උපයෝගී කර ගත හැක.
නිවේදක ග්‍රහයන් සහ එම අවස්ථාවේ මතුවන පාලක ග්‍රහයන් අතුරෙන් පොදු ග්‍රහයන් වඩාත් පලදායී නිවේදක ග්‍රහයෝ වෙති.