![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/09/WhatsApp%20Image%202023-08-09%20at%2009.27.13.jpeg?itok=7xnxHfNz)
අද (09) උදෑසන මිරීගම ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුර හේතුවෙන් මීරිගම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙයි
ඒ හේතුවෙන් පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මගී ජනතාවට හා රියදුරන්ට දැනුම් දෙයි.
කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකියි.
මේ අතර දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසිය හැකියි.
මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය දැනුම් දෙයි