පෙම් ආරවුලක් නිසා දුම්රියට බිලි වූ හැටන් තරුණිය | සිළුමිණ

පෙම් ආරවුලක් නිසා දුම්රියට බිලි වූ හැටන් තරුණිය

උඩරට දුම්රිය මාර්ගයේ හැටන්, රොසැල්ල ප්‍රදේශයේදී  අද (09) පෙ.ව. 09.50 ට පමණ තරුණියක් දුම්රියට පැන මරණයට පත්ව ඇති බව හැටන් පොලීසිය පවසයි.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම් රියට පැන මෙසේ මිය ගොස් ඇත්තේ ඩයගම තේ වතුයායේ, උඩ කොටසේ පදිංචිව සිටි අනුෂිකා දර්ෂණී නැමති (28) හැවිරිදි තරුණියක් බව ඇගේ පවුලේ ඥාතීන් විසින් හදුනාගත් බව පොලීසිය කියයි.

 

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන බවත්, වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, (09) දින උදැසන සේවා ස්ථානය වෙත පැමිණි තරුණිය තමන් හමුවිමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දි ඇති බවත්, පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු පෙම්වතිය දුම්රියට පැන සිය දිවි හානි කර ගන්නා බවට පවසා තරුණිය බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබු දුම්රියට හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි පැන සිය දිවි හානි කරගෙන ඇති බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත.

මිය ගිය අයගේ මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යැවීමට නියමිත බව හැටන් පොලීසිය පැවසීය.

Comments