![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/09/janasaba.jpg?itok=ooMTuxO-)
ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය මඟින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවත් එමඟින් ගම් මට්ටමේ පරිපාලන ගැටළු සමනය කර ගැනීමට හැකි වන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති පෙන්වා දෙයි.
ඔවුන් මෙම අදහස් පලකරේ පසුගියදා ජාතික ජනසභා ලේකම් කාර්‍යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.
එම සාකච්ඡාව සඳහා සමස්ථ ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය යන වෘත්තිය සංගම්වල නියෝජිතයන් පිරිසක් සහභාගී විය.
එහි දී එම සංගම් විසින් වැඩි දුරටත් අවධාරණ කර සිටියේ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය තිරසාර කිරිම සඳහා ජනසභා ක්‍රමය මහත් පිටුවහලක් වන බවයි. එසේම ජනසභා ලේකම්වරයා තෝරාගැනීමේ දී නිසි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එම සංගම් විසින් අවධාරණ කලහ.
එසේම ජනසභා ක්‍රමය සංවර්ධනය කිරීම සඳහා අදහස් ලබා දීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිතිවලට අවස්ථාව ලබා දීම ගැන එම සංගම් විසින් ජාතික ජනසභා ලේකම් කාර්‍යලය වෙත සතුට පලකර සිටියහ.
මෙම සාකච්ඡාව සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය ගරු කරු ජයසුරිය මහතා, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන මහතා, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර මහතා ඇතුළු ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය, සමස්ථ ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය යන වෘත්තිය සංගම්වල නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.