නැව් කර්මාන්තය නංවන්න ප්‍රංශ රජයේ අතහිත | සිළුමිණ

නැව් කර්මාන්තය නංවන්න ප්‍රංශ රජයේ අතහිත

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හමුවේ පොරොන්දු වී ඇත. ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාව පළ කර තිබේ.

නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව කියා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා මඟින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරගන්නා ලෙස ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සුභාෂිණි ජයරත්න

Comments