දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථවල කොන්දොස්තරවරුන් නොමැතිව ධාවනය ඇරඹීමත් සමඟ දිනක ආදායම රුපියල් ලක්ෂ 5කට වැඩියෙන් ඉහළ ගියද මෑතක සිට යළිත් ආදායම පහළ යාම පිළිබදව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නියමයෙන් සිදු කළ විමර්ශනයකදී නැවතත් සොරකම් සිදුවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.
මේ තත්ත්වය වාර්තා වු වහාම ඇඹිලිපිටියේ සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ක්ෂණික පරීක්ෂාවකට
කට ලක් කළ ඇත. එම අවස්ථාවේදී ගමනාරම්භයේදී නිකුත් කරන ලද ටිකට් පත් 24කින් 17ක් ම ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇත.
එහි බස් ගාස්තුව රුපියල් 1035 ක් වන අතර එම ගමන් වාරයේදී පමණක් සොරකම් කර තිබූ මුදල රුපියල් 17,770 ක් බව සිළුමිණ කළ විමසීමකදී ඇමැති ආචාර්ය ගුණවර්ධන සඳහන් කළේය.
මෙම සොරකම අනාවරණය වූ වහාම එම බස් රියේ රියැදුරාගේ වැඩ තහනම් කර ඊට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස තමන් ලංගම සභාපතිවරයාට නියෝග කළ බව ඇමැතිවරයා සිළුමිණට පැවසීය.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථවල ආදායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි ද ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.
වජිර ලියනගේ