ජාතික රූපවාහිනියේ ලක්ෂ 520ක විදුලි බිලෙන් අඩක් ගෙවයි | Page 2 | සිළුමිණ

ජාතික රූපවාහිනියේ ලක්ෂ 520ක විදුලි බිලෙන් අඩක් ගෙවයි

ජාතික රූපවාහිනිය මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතුව තිබූ ලක්ෂ 520ක හිඟ විදුලි බිලෙන් ලක්ෂ 250ක් පසුගිය දා ගෙවා නිම කර තිබේ.

එහි ඉතිරි හිඟ මුදල ලබන මාසය තුළදී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡාමය එකඟතාවක් ඇති කරගෙන ඇත.

ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සමරසිංහ මෑතකදී වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු විසින් අරඹා තිබෙන නව පරිපාලන ක්‍රමවේදයන් තුළ ආයතනයේ ගැටලු විසදීම සඳහා ක්‍රමානුකූලව පියවර ගනිමින් තිබේ.

Comments