ආහාර නාස්තියෙන් කොළඹට මුල්තැන | සිළුමිණ

ආහාර නාස්තියෙන් කොළඹට මුල්තැන

කොළඹ නගර සීමාවේ සිට කිලෝ මීටර 23ක ප්‍රදේශයේ සිදුවන ආහාර නාස්තිය ලංකාවේ අනිකුත් දිස්ත්‍රික්ක 24ට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බව පරික්ෂණ වාර්තාවකින් හෙළි වී ඇත.

 ඒ මහාචාර්ය බුද්ධි මාරඹේ සහ මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිළුලයක් වශයෙනි.

මෙම පරීක්ෂණ වාර්තාවට අනුව මෙරට වැඩිම ආහාර නාස්තියක් සිදුවන්නේ කොළඹ නගරයේ සිට කිලෝ මීටර 23 ක දුරින් පිහිටි සීමාව තුළ බවත්, මේ සීමාව තුළ සිදුවන ආහාර නාස්තිය අනිකුත් දිස්ත්‍රික්ක පැරදවීමට සමත්ව ඇති බවත්, කොළඹ නගරය තුළ සිදුවන මේ ආහාර අපතේ යෑම ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහිද බලපාන ආකාරයත් මෙයින් පැහැදිලි කර තිබේ. මීට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එම ප්‍රදේශය තුළ සැරිසරන අධික ජනගහනයයි. කොළඹ නගරයේ ජනගහනය ලක්ෂ 6 ක් පමණ සිටින අතර දිනකට කොළඹ නගරයට ලක්ෂ 5 ක පමණ ජනතාවක් පැමිණෙති.

එසේම කොළඹ නගරයේ කිලෝ මීටර 23 ක ප්‍රමාණයේ දිනක් තුළ සැරිසරන ජනගහනය ලක්ෂ 13 ක් බවද අනාවරණය කරගෙන ඇත.

 සුභාෂිණි ජයරත්න

Comments