
ජන්ම පත්‍රයක භාවයන් තුළ ග්‍රහයන් තැන්පත් වීම මත ජන්මියාට ලැබෙන සුබ අසුබ පිළිබඳ දැන ගැනීමට හැකිය. ප්‍රධාන වශයෙන් ගැනෙන නව ග්‍රහයන් රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු සහ කේතුය.
රාහු සහ කේතු ග්‍රහ වස්තූන් නොව ඡායා ග්‍රහයන්ය. සඳු පෘථිවිය වටා ගමන් කරන උප ග්‍රහයෙකි. මෙම ග්‍රහයින්ගේ යහපත් ගුණ හා අයහපත් ගුණ පවතී. ලග්න රාශි සමඟ ග්‍රහ සම්බන්ධතාව විවිධය. රාහු හා කේතු හැර ඉතිරි රාශි හත අධිපතිත්වය දරන ලග්න මෙලෙසය.
රවි සිංහ රාශියේද
සඳු කටක රාශියේද
කුජ මේෂ හා වෘශ්චික රාශිවලද
බුධ මිථුන හා කන්‍යා රාශිවලද
ගුරු ධනු හා මීන රාශිවලද
සිකුරු වෘෂභ හා තුලා රාශිවලද
ශනි මකර හා කුම්භ රාශිවලද
අධිපතිත්වය දරයි.
ලග්නාධිපති ග්‍රහයා අධිපතිත්වය දරන ලග්නයේ තැන්පත් වීම ස්වක්ෂේත්‍ර වීමය. බුධ ග්‍රහයාගේ ස්වරූපය නම් බුධ සමඟ තැන්පත් වන ග්‍රහයාගේ යහපත් අයහපත් බව අනුව එම ස්වරූපී ගුණ දැරීමයි. සඳු අමාවක සිට පසළොස්වක දක්වා යහපත්ය. ඉන්පසු අමාවක දක්වා අයහපත්ය. ස්වක්ෂේත්‍ර වූ ලග්නාධිපති ග්‍රහයා ජන්මියාට සුබ පල ලබා දෙයි. ග්‍රහයන්ගේ ස්වභාවයන් එනම්, නිවේදනයන් පීඩාවට පත්වීම හා බලවත් වීමේදී හැසිරෙන අයුරු මෙම වගුවෙන් පැහැදිලි කරමි.