
ජන්ම කේන්දරයේ 1 වැනි භාවයෙන් ජන්මියා පිළිබඳ තොරතුරු ලබා දෙන අතර 2 වැනි භාවයේ සිට 10 වැනි භාවය දක්වා ඔහුගේ ජීවිත ප්‍රවෘත්තියට සම්බන්ධ වන කටයුතු අයත් වෙයි.
ජන්ම කේන්දරයේ 2 වැනි භාවයේ සිට 10 වැනි භාවය දක්වා ඔහු එකතු කරගෙන ආ දේවල් 11 වැනි භාවයේ පෙන්වයි. ඒ නිසා 11 වැනි භාවය මඟින් ලැබීම් සහ බලාපොරොත්තු ඉටුවීම් පෙන්වයි. එසේම ජන්ම කේන්දරයේ 12 වැනි භාවය මඟින් ලැබීම් සියල්ල වැය වීම සහ බලාපොරොත්තු කඩවීම් යනාදිය පෙන්වයි. එසේම ආයෝජන සඳහා මුදල් යෙදවීමේදීද මේ 12 වැනි භාවය මුදල් වැයවීමක් ලෙස ක්‍රියාත්මක වෙයි. තවද රෝහල් ගතවීමේදී මෙන්ම එක්තැන් වීමේදීද බිත්ති හතරකට කොටුවී බන්ධනාගාර ගතවීමේදීද මේ භාවය ක්‍රියාත්මක වෙයි.
ජන්ම පත්‍රයක 12 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් ජීවිතයේ බොහෝ අවස්ථාවලදී බලාපොරොත්තු කඩකරයි. 12 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 12 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වෙයි නම් එවැනි අයෙකුට බන්ධනාගාර ගතවීමට සිදු වෙයි.
මේ ජන්ම කේන්දරයේ 12 වැනි භාවය සඳු ග්‍රහයාගේ රාශියක, ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සහ සඳු ග්‍රහයාගේ උපස්ථානයක යෙදී ඇත. 12 වැනි භාවයේ උපස්ථානය හිමි සඳු ග්‍රහයා 12 වැනි භාවයට බලවත් නිවේදක ග්‍රහයෙකු වෙයි. මේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටියේ බුධගේ නක්‍ෂත්‍රයකයි. බුධ 3 වැනි සහ 12 වැනි භාවවලට බලවත් නිවේදක ග්‍රහයෙකු වෙයි. ඒ නිසා මේ ජන්මියා 3 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශාවලදී, ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට නිවසින් පිටවී බන්ධනාගාර ගතවීමකට මුහුණ දීමට සිදු වෙයි.
මේ ජන්ම කේන්දරයේ 3 වැනි භාවය නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, රාහු, ශනි, කේතු සහ බුධ යන ග්‍රහයන් වෙති.
12 වැනි භාවය නිවේදක ග්‍රහයන් වන්නේ සඳු, ගුරු සහ බුධ යන ග්‍රහයන් වෙති.
රාහු ග්‍රහයා, කුජ සහ සිකුරු යන ග්‍රහයන්ගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි. කේතු ග්‍රහයා, සිකුරු සහ ගුරු යන ග්‍රහයන්ගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි.
මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාලසීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියා බන්ධනාගාරගත වීමට සිදු වෙයි.
ක්‍රිස්තු වර්ෂ 2021 ජූලි මාසයේ 06 වැනි දින සිට 2031 ජූලි මාසයේ 06 වැනි දින දක්වා සඳුගේ මහ දශාව ගත කරයි. ක්‍රිස්තු වර්ෂ 2022 දෙසැම්බර් මාසයේ 06 වැනි දින සිට 2024 ජූනි මාසයේ 06 වැනි දින දක්වා සඳුගේ මහ දශාවේ රාහුගේ භුක්තිය ගත කරයි.
තෝරාගන්නා ලද දශා, අතුරු දශා කාලයේදී සහ එම දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ මෙන්ම රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ ඔබ සැමට ජය පතමි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා