චීනයේ ශෙන්චෞ 15 යානයේ ගගනගාමීහු සිය අත්දැකීම් හෙළිකරති | Page 2 | සිළුමිණ

චීනයේ ශෙන්චෞ 15 යානයේ ගගනගාමීහු සිය අත්දැකීම් හෙළිකරති

චීනයේ ශෙන්චෞ 15, මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු මාධ්‍ය හමුවකට එක්වෙති.
 
එය බෙයිජිං අගනුවර පිහිටි චීන ගගනගාමීන්ගේ විද්‍යා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගිය 31 වැනිදා පැවැත්විණ. මේ කණ්ඩායම පෘථිවියට යළි පැමිණියේ මීට දින 57 කට පෙර යි. 
 
අභ්‍යවකාශ යානයේ රැඳී සිටි කාලය හා පෘථිවියට නැවත පැමිණීමෙන් පසු තත්ත්වයන් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔවුහු පිළිතුරු ලබා දුන්හ.
 
ගගනගාමී ඩෙං චිංමිං  පැවසුවේ, චීන සිහිනය, අභ්‍යවකාශ සිහිනය සහ තමාගේ සිහිනය සුසංයෝග කිරීමට උපරිම උත්සාහ දරන බවයි. ඒ ඔස්සේ චීනයේ චමත්කාරජනක නවයුගයක් නිර්මාණය කළ හැකි බවට හෙතෙම විශ්වාසය පළ කළේය. 
 
තම කණ්ඩායම ශෙන්චෞ 14 සහ ශෙන්චෞ 16 අභ්‍යවකාශ යානා දෙකෙහි රැඳී සිටි ගගනගාමීන් යානය තුළ හමු වී, අදාළකාර්ය භාරයන් එකිනෙකාට භාරදීම පිළිබඳව  චං ලූ මෙහිදී සිහිපත් කළේය. ගගනගාමීන් අතර පැවති ගැඹුරු මිත්‍රත්වය සහ දැඩි අන්‍යොන්‍ය විශ්වාසය, චීන අභ්‍යවකාශ උරුමය ජීවමාන කරන බව ද හෙතෙම පැවසීය. 
 
චීනයේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළවිය.  ශෙන්චෞ 15 අභ්‍යවකාශ යානයේ අණදෙන නිලධාරි  ෆෙයි ජුන්ලොං ප්‍රකාශ කළේ, හැකි ඉක්මණින්  සඳ තරණය කිරීම සඳහා, චීන ජාතිකයන් අධිෂ්ඨානශීලී ව කැපවන බව යි.

Comments