ආනයනික බිත්තර සෙසු පළාත්වලටත් යවයි | සිළුමිණ

ආනයනික බිත්තර සෙසු පළාත්වලටත් යවයි

ආනයනික බිත්තර නුවර, නුවරඑළිය, බදුල්ල,හම්බන්තොට ඇතුළු පිටපළාත්වල සතොස ශාඛා වෙතද යැවීම ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසයි.
 
ඒ අනුව බිත්තර සහන මිලට දැන් ලංකා සතොසෙන් රුපියල් 35ක මිලකට ලබා ගත හැකිය. 
 
පාරිභෝගිකයින්ගේ බිත්තර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
 
මීට අමතර කොළඹ , ගම්පහ ,කළුතර ,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පවතින සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් බිත්තර සහන මිලට මිලදී ගත හැකිය.
 
මේ අතර පසුගිය දින 03ක් තුළ පමණක් ආනයනික බිත්තර මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයන් හට අලෙවි කිරීම ලංකා සතොස සමත් වී ඇත.  
 

Comments