ප්‍රශස්ත තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල් ගැන අනාවරණයක් | සිළුමිණ

ප්‍රශස්ත තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල් ගැන අනාවරණයක්

ඉන්ධන මිල සංශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 101ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සඳහා අවශ්‍ය තොග ධාරිතාවක් පවත්වාගෙන ගොස් නොමැති බවට අනාවරණ වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
 
ඊයේ (29) වනවිට ලංකා ඔටෝ ඩීසල් සඳහා ඉන්ධන අලෙවි නියෝජිතයන් 61 දෙනෙකු අවශ්‍ය ඉන්ධන තොග පවත්වාගෙන ගොස් නොමැති බවයි එම ට්විටර් පණිවුඩයේ දැක්වේ. 
 
පසුගිය මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවම තොග පවත්වා නොගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක කළමනාකාරීත්වය පවරාගත් අතර, තවත් අලෙවිකරුවන් කිහිදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනුණ බව වාර්තා වේ. 
 
එසේම නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.
 
මේ අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා දැනුම්දී තිබේ.
 
2023.07.30 වනදා උදෑසන 8.30 වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග මෙසේය.
 
ඔටෝ ඩීසල්  - මෙ.ටො. 124,690
සුපිරි ඩීසල් - මෙ.ටො 5,651
පැට්‍රල් 92- මෙ.ටො 19,903
පැට්‍රල් 95 - මෙ.ටො 4,537
ගුවන්යානා ඉන්ධන - මෙ.ටො 26,539
 

Comments