
මීටර 110 කඩුලු පැනීමේ පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළිත් අලුත් කිරීමට ජනිදු ලක්විජය අද(30) සමත් විය.
ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ය.
ජනිදු ඉසව්ව නිම කලේ තත්පර 13.72 ක කාලයක් වාර්තා කරමින්ය.
ඊයේ දිනයේදී ඔහු තත්පර 13.77 ක කාලයක් වාර්තා කරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබුණි.