EPF ප්‍රතිව්‍යුහගත නොකළොත් ප්‍රතිලාභ අඩුවීමේ අවදානමක් | සිළුමිණ

EPF ප්‍රතිව්‍යුහගත නොකළොත් ප්‍රතිලාභ අඩුවීමේ අවදානමක්

සේවක අර්ථසාධක අරමුදල භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ඇති ආයෝජන ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු නොකළහොත් සේවක අර්ථසාධක අරමුදල මඟින් ලබාදෙන ප්‍රතිලාභ අඩුවීමේ අවදානමක් ඇතිවිය හැකි බව හෙළිව තිබේ. ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමේදී ක්‍රියාත්මක කරනු ලබන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය හරහා සේවක අර්ථසාධක අරමුදල මඟින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල කර තිබෙන ආයෝජන ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත අතර එමඟින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල එක්ව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල මඟින් කර තිබෙන ආයෝජන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කර තිබේ.

Comments