
පසුගිය මාස 6 තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවට පැමිණිලි 1405ක් ලැබී ඇතැයි කොමිසම පවසයි. එයින් පැමිණිලි 1129ක් කමිටුව වෙත විමර්ශනය පිණිස භාර දී තිබේ. එසේම කොමිෂන් සභාවේ වැටලීම් අංශය විසින් කළ වැටලීම් 41කින් 35 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද කොමිසම පෙන්වා දෙයි. ඒ අතර රාජ්‍ය ආයතන 14ක පුද්ගලයන් සිටින බවත් එයින්
පොලිසිය මුල් තැනක් ගෙන ඇති බවත් දෙවන ස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමිව ඇති බව ද වාර්තා වේ.
මීට අමතරව අදාළ කාලය තුළ අයථා උපයා ගැනීම් වෙනුවෙන් පුද්ගලයන් 40කට අධිකරණයේ නඩු පැවරීමටද කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.