ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයෙන් නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් | සිළුමිණ

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයෙන් නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක්

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය මඟින් මුද්‍රණ, ග්‍රැෆික් ඩිසයින්, මල්ටිමීඩියා තාක්‍ෂණය පිළිබඳ නොමිලේ සම්මන්ත්‍රණයක් අගෝස්තු මස 06 වන ඉරිදා පෙ.ව. 8.30 සිට සවස 1.30 දක්වා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ දී පැවැත්වේ.

මෙම වැඩමුළුව පාසැල් හැර ගිය සිසුන්ට, සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම අනෙකුත් වෘත්තිකයන්ට ද Graphic Design, Web Design, 3D Animation හා Video Editing මෘදුකාංග සහ ඒවායේ භාවිතය පිළිබඳ මනා අවබෝධයක් ලබා දේ.

සම්මන්ත්‍රණයට සහභාගී වීමට ඇති ඉඩ කඩ සීමාසහිත නිසා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ 011 2686162 හෝ 011 2679791 හෝ 076 7931349 හෝ 0777 706995 යන දුරකතන අමතා කතා කිරීමෙන් ආසනයක් වෙන්කරවා ගත හැකිය.

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යංශය, නොම්බර 118, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 8 යන ලිපිනයට පැමිණීමෙන් ද ඔබට මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැකිය.

ඊ තැපෑල [email protected] වෙබ් අඩවිය www.sliop.edu.lk

Comments