රාජ්‍ය නායකයෝ සහ ප්‍රධානීහු හතරක් දින 11ක් තුළ ජනපති හමුවෙති | සිළුමිණ

රාජ්‍ය නායකයෝ සහ ප්‍රධානීහු හතරක් දින 11ක් තුළ ජනපති හමුවෙති

දින 11 කාලයක් තුළ විදේශ රාජ්‍ය නායකයන් දෙදෙනකු හා රාජ්‍ය ප්‍රධානීන් දෙදෙනෙකු මුණ ගැසීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයකු ලැබූ සුවිශේෂි අවස්ථාවක් ලෙස සටහන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට හැකිවී තිබේ.

මේ අනුව ලෝකයේ 5 වෙනි ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ අගමැති, ලෝකයේ 7 වැනි ආර්ථිකයට හිමිකම් කියන ප්‍රංශ ජනාධිපති, ලෝකයේ 3 වැනි ආර්ථිකය සහිත ජපාන විදේශ ඇමති, ලෝකයේ 2 වැනි විශාලතම ආර්ථිකය සහිත චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියෙකුත් ඉකුත් දින 11 ඇතුළත ජනපති මුණ ගැසී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉකුත් 21 දා ඉන්දියාවේදි අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මූමර් ද හමු විය. ඉන් දින දෙකකට පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් ඇතුළු කණ්ඩායම මෙරටදී හමුවී සාකච්ඡා කළේය.

ඉන් පසුව ඉකුත් සිකුරාදා (28) රාත්‍රියේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හමු වී සාකච්ඡා පැවැත්වීය. ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ජූනි මාසයේදී ප්‍රංශය ගිය අවස්ථාවේ ජනාධිපති මැක්‍රොන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර ඔහු පැපුවා නිව්ගිනියා සිට ප්‍රංශයට යන අතරවාරයේ මෙරටට පැමිණ ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ජපන් විදේශ ඇමති යොෂිමාසා හයාශ්‍රී ඇතුළු දූත පිරිසක් 29 සෙනසුරාදා මෙරටට පැමිණ ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට නායකයින් මුණ ගැසීමට නියමිතව තිබුණි.

Comments