යසෝදරා බාලිකාවේ සුහද හමුව ජූලි 30 දා | සිළුමිණ

යසෝදරා බාලිකාවේ සුහද හමුව ජූලි 30 දා

වසර 177ක ඉතිහාසයක් ඇති කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයීය 177වන උපන්දින සැමරුම් උලෙළට සමගාමීව පැවැත්වෙන 'Yasodian's Melody of joy ' සංගීතමය විනෝදකාමී සුහද හමුව 30වනදා පෙරවරු 10.00 සිට 4.00 දක්වා කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පිටියේදී පැවැත්වේ.

එදා මෙදා තුර යසෝදරාවියන් දහස් ගණනක් රටට දායාද කළ යසෝදරාවේ අභිවෘද්ධියත් යසෝදරාවියන්ගේ පැරණි මිතුදම් අලුත් කරගැනීමත් මෙමඟින් බලාපොරොත්තු වන බව කියන ආදි ශිෂ්‍ය සංගමය වසර හතරක නිහැඬියාවකින් පසුව සංවිධානය කරන මෙම හමුව සඳහා ආදි යසෝදරාවියන් වෙත ආරාධනා කෙරේ.

Comments