මාස 6ට පොලිසියට එරෙහි පැමිණිලි 11,450ක් | සිළුමිණ

මාස 6ට පොලිසියට එරෙහි පැමිණිලි 11,450ක්

පසුගිය මාස 6ක පමණ කාලය තුළ පොලිසියේ ක්‍රියා කලාපය නිසා අගතියට පත්වීම් සම්බන්ධයෙන් පොලිසියට එරෙහි පැමිණිලි 11,450ක් ලැබී ඇතැයි පොලිස් කොමිෂන් සභාව පවසයි. එයින් පැමිණිලි 9,774ක් ලැබී ඇත්තේ 1960 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ බවද එම කොමිසමේ ප්‍රකාශකයෙක් සිළුමිණට හෙළි කළේය.

එම පැමිණිලිවලින් 1,841කට මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බවත් ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා පියවර ගෙන ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පැමිණි විභාග නොකිරීම හා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙනි. එමෙන්ම බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවද කොමිසම අවධාරණය කරයි.

කොමිසම විසින් හඳුන්වා දී ඇති 1960 ක්ෂණික දුරකථන අංකය හරහා පැය 24 පුරාම පොලිසියෙන් අසාධාරණයන් සිදුවී ඇත්නම් ඕනෑම පුරවැසියකුට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකිය.

එම පැමිණිලිවලින් 1,841කට මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බවත් ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා පියවර ගෙන ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පැමිණිලි විභාග නොකිරීම හා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙනි. එමෙන්ම බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවද කොමිසම අවධාරණය කරයි.

 

Comments