ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කත මවුරටේ සංචාරයක | සිළුමිණ

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කත මවුරටේ සංචාරයක

ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාව වන 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු පසුගියදා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විණි.

කුඩා වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කැසැන්ඩ්‍රා උතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණුදිග මෙල්බර්න් නුවර ඩැන්ඩිනොං ප්‍රදේශයේ හැදී වැඩුණු අතර, විලියම් ඇන්ග්ලිස් අධ්‍යාපන ආයතනයේ සහ බොක්ස්හිල් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලැබුවාය. ඩැන්ඩිනොං ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි ලෝක ප්‍රකට වූල්වර්ත් සුපිරි වෙළෙඳසැලේ පේස්ට්‍රි සූපවේදිනියක ලෙස මෙන්ම තවත් විවිධ අංශ ගණනාවක වසර 15ක් සේවය කළ ඇය, එරට සිල්ලර හා ක්ෂණික ආහාර කර්මාන්තයේ නිරත සේවක සේවිකාවන් නියෝජනය කරමින් දේශපාලනයට එක් වූවාය.

දේශපාලනයට පිවිසීමට පෙර ඇය ඉංග්‍රීසි බස හසුරුවීමට අසමත් පසුබිමකින් ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට ස්වේච්ඡාවෙන්ම ඒ සම්බන්ධව දැනුමක් සහ අවබෝධයක් ලබාදීමට ඉදිරිපත් වූ අතර, කොවිඩ් වසංගත සමය පුරා කඩිසරව වැඩ කටයුතු කළ කම්කරුවන්ගේ වැටුප් සහ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට සිය හඬ අවදි කළාය.

Comments