![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/29/13-2.jpg?itok=1mpBW66h)
ඉරිදා දිනයන්හි පමණක් ධාවනය වූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය අගෝස්තු 5 වෙනිදා සිට සෑම සෙනසුරාදා දිනකදීම ද ධාවනයට යෙදවෙනු ඇත. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් බස්නාහිර පළාතේ අප්‍රකට සංචාරක ස්ථානයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ දුම්රිය යොදා ගැනීමට කටයුතු යොදා තිබේ. ශනිදා සීතාවක දුම්රියද කොළඹින් පෙරවරු 7.15ට ගමන් ආරම්භ කරනු ඇත. ඉරිදා දිනයන්හි මෙන් පස්වරු 5.10ට යළි වග දුම්රිය ස්ථානයෙන් දුම්රිය ආපසු කොළඹ බලා ගමන් කෙරේ.