![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/25/Miss%20World%20Tourism%27%20pageant.jpg?itok=e7PCftoa)
ලෝක සංචාරක රූ රැජින තරගාවලියට ( Miss World Tourism)සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මහනුවරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට ඊයේ (24) එක්ව සිටියාය.
ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිනියන් එම කණ්ඩායමට ඇතුළත් ව සිටියි.
එහිදී එම තරඟකාරිනියන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ආගමික සහ සංස්කෘතිකමය වශයෙන්ද ඔවුන් ඉතා ඉහල මට්ටමක සිටින බවයි.