දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අද ​සිට | සිළුමිණ

දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අද ​සිට

2023 වසරේ දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24 ) ආරම්භ වී අගෝස්තු 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අගෝස්තු 18 සිට 27 දක්වා නිවාඩු ලබාදීමට නියමිතය.
 
දෙවන වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වේ. තුන්වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වේ.
 
තුන්වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වේ. උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු ලබාදීමට නියමිතය. තුන්වන වාරයේ දෙවැනි අදියර 2024 ජනවාරි 01 සිට 2024 පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතය.
 
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වේ.

Comments