ඉන්දියාවේ බිත්තර සතොස හරහා ජනතාවට | Page 2 | සිළුමිණ

ඉන්දියාවේ බිත්තර සතොස හරහා ජනතාවට

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සතොස ඇතුළු සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට අලෙවිකිරීමට රජය තීරණය කර තිබේ. 
 
වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, රුපියල් 35කට ලබන සතියේ සිට ආනයනික බිත්තර පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සැලසුම්ර කර ඇති බවයි. 
 
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මෙතෙක් වෙළෙඳපොලේ අලෙවි නොකළ අතර, බිත්තර මිල ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. මීට පෙර ආනයනික බිත්තර මහා පරිමාණ බේකරි හිමියන්ට සහ හෝටල් හිමියන්ට පමණක් අලෙවි කෙරුණේ රුපියල් 35 බැගින් වූ මිලකටය.
 
ඒ අනුව, දෛනිකව බිත්තර ලක්ෂයක් පමණ වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 

Comments