උපන්දින සාදයක දී නිවසකට ගිනි තැබීමෙන් තරුණියක් මරුට – 9කට තුවාල | සිළුමිණ

උපන්දින සාදයක දී නිවසකට ගිනි තැබීමෙන් තරුණියක් මරුට – 9කට තුවාල

වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවසක උපන්දින සාදයක් පැවැත්වෙන අතරතුර නාදුනන පිරිසක් පැමිණ එම නිවසට ගිනි තැබීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇත.
 
මෙම සිද්ධියෙන් තවත් 09 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර තිබේ. 
 
වව්නියාව , තෝනිකල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වව්නියාව පොලීසියට ලැබුණ තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. 
 
ගින්න ඇතිවන අවස්ථාවේ නිවසේ සිටි තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය වයස අවුරුදු 21 ක් වූ ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. 
 
වව්නියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිසිය ගින්න මැඩපවත්වා තිබේ 
 
අවුරුදු 2 , 7 , 13 යන වයස් කාණ්ඩවල පසුවූ දරුවන් තුන් දෙනෙකු ද තුවාල ලැබූවන් අතර වේ. 
 
පොලීසිය මූලික විමර්ශන සිදුකර ඇති අතර මුහුණ ආවරණය කරගත් පිරිසක් නිවසට ගිනි තබා ඇති බවට සීසීටීවී පරීක්ෂනවලින් තහවුරු කරගෙන ඇත. 

Comments