මාස 6ට ආයෝජන ඩොලර් මිලියන 682යි | සිළුමිණ

මාස 6ට ආයෝජන ඩොලර් මිලියන 682යි

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 682ක විදෙස් ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා තිබූ ආයෝජන ව්‍යාපෘති 73න් 70ක්ම මේ වන විටත් යළි ආරම්භ කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සිළුමිණට පැවසීය.

මේ වසර අවසන් වීමට පෙර සියලු වර්ගයේ ආයෝජන අවස්ථා ආවරණය වන ආකාරයට නව නීති හඳුන්වා දීම සිදු කරන බවත් එම නීති ගෙන ඒමේදී සෙසු රාජ්‍ය ආයතනවල පවතින නීතිවලට බලපෑමක් නොවන කටයුතු කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 7 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

Comments