![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/22/0-10.jpg?itok=XFukC1t9)
වසරකට ශ්‍රී ලාංකිකයන් 800 - 1000ක් පමණ ජලයේ ගිලීමෙන් මිය යන අතර ඉන් බහුතරය රටේ ආර්ථිකයේ ඵලදායී කාණ්ඩයට අයත් වයස අවුරුදු 21-60 වයස්වල පසුවන්නන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ හා කළමනාකරණ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සිළුමිණට පැවසීය.
මියයාම් හැරුණු විට, මාරාන්තික නොවන දියේ ගිලීම් හේතුවෙන් මතකය සම්බන්ධ ගැටලු, ඉගෙනීමේ ආබාධ මෙන්ම මූලික ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් නැතිවීම දක්වා දිගුකාලීන ආබාධවලට ලක්විය හැකි බැවින් දියේ ගිලීම මහජන සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සමාජ, ආර්ථික සංවර්ධන අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.
ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ජූලි 25 වැනිදාට යෙදී ඇත. සෑම වසරකම 200,000 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා දියේ ගිලීමෙන් මිය යන අතර, අවුරුදු 1 - 9 අතර දරුවන්ගේ මරණ සඳහා ප්‍රධාන හේතුව එය බවද වාර්තා වේ.