ලබන වසරේ ශ්‍රී ලංකාවට ධනාත්මක ආර්ථික වර්ධනයක් - මුදල් රාජ්‍ය ඇමති | Page 2 | සිළුමිණ

ලබන වසරේ ශ්‍රී ලංකාවට ධනාත්මක ආර්ථික වර්ධනයක් - මුදල් රාජ්‍ය ඇමති

රට තුළ මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා රජය ගෙන යන කඩිනම් සහ දුෂ්කර ප්‍රතිසංස්කරණ අනාගතයේ තිරසාර ආර්ථිකයක් සඳහා අත්‍යවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 
 
කොළඹ රබර් වෙළෙඳ සංගමයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ අනාගත කිසිදු රජයකින් ආපසු හැරවීමට නොහැකි බවයි.
 
විනිවිදභාවය ඇති කිරීම සඳහා දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම, මහ බැංකුවට ස්වාධීන තීරණ ගැනීමට හැකිවන නව මහ බැංකු පනත මෙන්ම බැංකු, තැන්පත්කරුවන් සහ ඔවුන්ගේ තැන්පතු ඇතුළු මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා බැංකු (විශේෂ විධිවිධාන) පනත ද ක්‍රියාත්මක කරමින් ආර්ථිකය වඩාත් විශ්වාසදායක දිශාවකට ගමන් කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
 
එහි ප්‍රතිඵලයක් ලෙස 2024 දී ශ්‍රී ලංකාව 1.5% - 2.5% ආර්ථික වර්ධනයක් කරා ළඟා වනු ඇති බවත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් නිදහස් වීමට හැකි වනු ඇති බවට ඇමතිවරයා විශ්වාසය පළ කළේය. 
 

Comments