ඉතිහාසගත චරිත කතා ජූලි 28 වැනිදා | සිළුමිණ

ඉතිහාසගත චරිත කතා ජූලි 28 වැනිදා

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ධර්මසිරි විජේරත්නගේ සිවු වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පවත්වනු ලබන "පිතෘ නිර්මාණාභිමාන" හරසර උලෙළ ජූලි 28 වැනි සිකුරාදා පස්වරු 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී මාධ්‍යවේදී ධර්මසිරි විජේරත්න විසින් රචිත "ඉතිහාසගත චරිත" නම් වූ ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපනික චිත්‍රකතා ප්‍රකාශනය හඳුන්වා දීම සිදු කෙරේ. "චිත්‍රකතාවේ සමාජ බලපෑම සහ අධ්‍යාපනික වැදගත්කම" නමින් උත්සවයේ ප්‍රමුඛ දේශනය විමල් කැටිපෙආරච්චි විසින් පවත්වනු ලබන අතර, ප්‍රවීණ චිත්‍ර ශිල්පී හෙන්රි බෙම්මුල්ල, මාධ්‍යවේදීන් වන ඩබ්ලිව්. නන්දසේන සහ නිශානි දිසානායක විසින් සෙසු දේශන පවත්වති. උත්සවයේ කථනය මොනිකා සේරසිංහ විසිනි.

Comments