
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 22
ලැබීම් සහ බලාපොරොත්තු ඉටුවීම ගැන පෙන්වන කේන්දර කොටුව
ජන්ම කේන්දරයේ 1 වැනි භාවයෙන් ජන්මියා පිළිබඳ තොරතුරු ලබා දෙන අතර 2 වැනි භාවයේ සිට 10 වැනි භාවය දක්වා ඔහුගේ ජීවන ප්‍රවෘත්තියට සම්බන්ධ වන කටයුතු අයත් වෙයි. ජන්ම කේන්දරයේ 2 වැනි භාවයේ සිට 10 වැනි භාවය දක්වා ඔහු එකතු කරගෙන ආ දේවල් 11 වැනි භාවයේ පෙන්වයි. ඒ නිසා 11 වැනි භාවය මඟින් ලැබීම් සහ බලාපොරොත්තු ඉටුවීම් පෙන්වයි. එහෙත් චර රාශි ජන්මීන්ට බාධක භාවය වෙයි.
ජන්ම පත්‍රයක 11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 1 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් ජීවිතයේ සෑම අවස්ථාවකදීව බලාපොරොත්තු ඉටුකර දෙයි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරයි. පුළුල් මනසක් ඇත.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 2 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් බොහෝ තෘප්තියට පත්වන තරමටම ධනය ලබන සියලු කටයුතුවලින් ලාභ ලබන බොහෝ මිතුරන් ඇති අයෙකි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 3 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් කෙටි ගමන්වලට කැමති ලිපි කටයුතු මඟින් ආදායම ලබන විදේශිකයන් සමඟ සබඳතා ඇති අයෙකි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 4 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් දේපළ සහ යාන වාහන සඳහා ආයෝජනය කර ධනය ලබයි. මූලික අධ්‍යාපනයේ සාර්ථකත්වය ලබා ගනියි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 5 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් යහපත් දරුවන් ලබයි. ප්‍රීතිමත් අයෙකි. ව්‍යාපාරික කටයුතුවලින් බොහෝ ආදායම ලබන ස්වකීය වෘත්තිය පිළිබඳව තෘප්තිමත් කලාකරුවෙකු වෙයි. 11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 6 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් නඩුහබ තරගවලින් දිනයි. හොඳ සේවකයන් ලබන සියලු කටයුතුවලින් සාර්ථකත්වය ලබන අයෙකි. 11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 7 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම්, දක්ෂ ව්‍යාපාරිකයෙකු වෙයි. ප්‍රසන්න බිරියක් ලබයි. පාරිභෝගිකයන් සහ සහකරුවන් සමඟ ඉතා සුහදව සිටියි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 8 වැනි භාවයට සම්බන්ධව වන්නේ නම් අතෘප්තිමත් ජීවිතයක් ගෙවයි. වැඩිහිටි අයගෙන් කරදර ඇතිවෙයි අවසන් මොහොතෙහි බලාපොරොත්තු බිඳ වැටෙයි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 9 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් පර්යේෂණ කටයුතු ආදියෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික කටයුතුවලට සහ පියාට ළැදි වෙයි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 10 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ජන්මියා උසස් තත්ත්වයක් සහ ගෞරව ලබයි. සමාජ තත්ත්වය ඉහළින්ම ලබා ව්‍යාපාර සාර්ථක කර ගනියි. 11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 11 වැනි භාවයට සම්බන්ධ වන්නේනම් ඉතා වාසනාවන්ත අය වේ. පහසුවෙන් සියලු කටයුතුවල සාර්ථකත්වය ලබයි. මිතුරන්ගේ සහාය ලබයි.
11 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන්නේ නම් බලාපොරොත්තු සුන්කර ගනියි. සියලු දේවල් නැතිකර ගනියි. මිතුරන්ගෙන් සහ දරුවන්ගෙන් කරදර ඇති වෙයි.
මෙම ජන්ම පත්‍රය හිමි අයගේ බලාපොරොත්තු ඉටුවීම් සම්බන්ධයෙන් ජන්ම පත්‍රයේ 11 වැනි භාවය සමඟ අදාළ භාවයන් පරීක්ෂා කරමු. මෙම ජන්ම පත්‍රයේ 11 වැනි භාව ස්ථුටය මකර 22 10 23 හි යෙදී ඇත, මෙම භාව ස්ථුටය ශනි ග්‍රහයා හිමි රාශියේ සඳු ග්‍රහයා හිමි නක්ෂත්‍රයක සහ සිකුරු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත. ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 11 වැනි භාව ස්ථුටයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා වෙයි.
මේ සිකුරු ග්‍රහයා 3 වැනි, 8 වැනි, 11 වැනි සහ 12 වැනි, භාව නිවේදක ග්‍රහයකු වෙයි. මේ අනුව ජන්මියාගේ බලාපොරොත්තු ඉටුවන බව ප්‍රකාශ කළ හැකිය. මේ ජන්මියාගේ බලාපොරොත්තු ඉටුවන කාලසීමාව නිගමනය කිරීම සඳහා ජන්ම පත්‍රයේ 11 වැනි භාවය නිවේදක ග්‍රහයෝ යොදා ගන්න.
ශනි, සිකුරු සහ රවි, බුධ සහ ගුරු වෙති.
පාලක ග්‍රහයන් සිකුරු, කුජ, කේතු, රවි, ගුරු, බුධ සහ රාහු
මේ අනුව 11 වැනි භාවයේ බලවත් නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, ශනි, රවි, ගුරු, බුධ සහ රාහු යන ග්‍රහයෝ වෙති.
මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාලසීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාගේ බලාපොරොත්තු ඉටු වෙයි.
නිවේදක ග්‍රහයන්ගේ දශා, අතුරු දශා කාලවලදී සහ දශා, අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ මෙම කාලසීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. ඊළඟට මෙම කාලසීමාව තුළ රවිගේ ගෝචර ගමන බලන්න.
අවසානයේ සඳුගේ ගෝචර ගමන බලා දිනය නිගමනය කරන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ජී. එච්. ඩබ්ලිව්. සිල්වා