ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි | සිළුමිණ

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් අද(20) පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 
 
දෙදින නිල චාරිකාවක් සඳහා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේය. 
 
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.
 
සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
 

Comments