'K-Pop World Festival' උත්කර්ෂවත්ව | Page 2 | සිළුමිණ

'K-Pop World Festival' උත්කර්ෂවත්ව

2023 කොරියානු සතිය නිමිත්තෙන් පවත්වනු ලැබු 'K-Pop World Festival' ගායන සහ නර්තන ප්‍රාසාංගික වැඩසටහන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
 
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය සංවිධාන කරන ලද මෙම ප්‍රාසාංගික වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා  ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහභාගී වූ අතර, සහභාගී වූවන් සඳහා සුබ පැතීමේ දේශනයක් සිදු කිරීමට ද අමාත්‍යවරයා එහිදී කටයුතු කළේ ය.
 
සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීමට සහ කොරියාවේ ගෝලීය වශයෙන් පිළිගත් සංගීත ක්ෂේත්‍රය හා නර්තනය ලාංකීයයන්ට සමීප කිරීමේ උත්සාහයක් ලෙස, කොරියානු තානාපති කාර්යාලය උළෙල සංවිධාන කළ අතර, ශ්‍රී ලංකාවේ 1,200 කට අධික K-pop රසිකයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
 
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon LEE මහත්මිය ඇතුළු එරට ධූත පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

Comments