![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/18/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%20%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%20%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB.jpg?itok=LWofgOJt)
අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විණි.
ඒ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ය.
එහි දී පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධව සාකච්ජාවට බඳුන් විය. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල නව ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකිරීම ගැටළුවක් බවත් , කිසිදු පාලනයකින් තොරව මෙම කාර්යය සිදු වන බවත් කටමිටුවේ දී සාකච්ඡාවට ලක්කෙරිණි.
එමෙන්ම පූජා නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිදු කෙරෙන කටයුතුවල වර්තමාන තත්ත්වය පිළිබඳව ද කමිටුවේ දී සාකච්ජාවට ගැණිනි.
පූජා නගරය තුළ අනුමැතියකින් තොරව සිදු කරන ඉදිකිරීම්, මාර්ගය දෙපස වෙළඳාම් කටයුතු සිදු කිරීම, ජූජා නගරයට නොගැලපෙන නාම පුවරු , වෙළඳසැල්වල නාම පුවරු පිළිබඳ නියාමනයක් අවශ්‍ය බව කමිටුවේ දී සාකච්ජා විණි.
එම නිසා මෙවැනි ක්‍රියාකාරකම් පාලනය කිරිම සදහා අනුරාධපුර පූජා භුමිය කඩිනමින් ගැසට් කිරීම අවශ්‍යතාවය සියලු පාර්ශවයන් විසින් පෙන්වා දුන් අතර ඒ සදහා ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි හේවගේ මහතා සදහා කළේ ය.
සාකච්ඡාව සඳහා ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නාහිමිපාණන් වහන්සේ, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වැලිහේනේ සෝභිත ස්වාමීන් වහන්සේ, පුජ්‍ය නෙකටුනවැවේ ඥාණරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැල්ලගිරියේ සීලසුමන ස්වාමීන් වහන්සේ, ඇතුළු මහා සංඝරත්නය මෙන්ම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණි හේවගේ , මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් ගාමිණි සේනාරත්න , නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ එච්.ඩබ් සෝමරත්න , නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ , සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක මෙනවිය යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.