ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත වෙයි | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත වෙයි

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ ලංකාවේ ප්‍රථම කෘත්‍රිම වෙරළ තීරය ඊයේ (15) විවෘත කෙරුණි.
 
ඒ අනුව ඊයේ සිට කිලෝමීටර් 3.5ක මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ.
 
මීට පෙර පෝට් සිටි සංකීර්ණයේ ඉදිකළ ඇවිදීමේ මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණා. ඊයේ විවෘත කෙරුණු මෙම කෘත්‍රිම වෙරළ තීරය මෙරට ජනතාවට ද නවමු අත්දැකීමක් එක් කරනු ඇත.
 
ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය. මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර ඇත.
 
මෙය ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒමට ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරේ.

Comments