![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/16/Central-Bank.jpg?itok=Ow95GZsk)
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතය.