කොළඹ ක්‍රමයේ සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි | Page 2 | සිළුමිණ

කොළඹ ක්‍රමයේ සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි

කොළඹ ක්‍රමය( Colombo plan) වැඩසටහනේ 72වන සංවත්සරය ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදි උත්සවාකාරයෙන් පසුගියදා පැවැත්විණි.
 
1951 ජූලි 1 වැනිදා ආරම්භ වූ කොළඹ ක්‍රමය වැඩ සටහනේ 72 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සැකසුණු විශේෂ සමරු ග්‍රන්ථය සංවිධානයේ වත්මන් මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී රෙයිස් මහතා විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිරිනැමීය.
 
උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරන ලද්දේ ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. 
 
කොළඹ ක්‍රමය වැඩසටහනට ඇතුළත් රටවල් රැසක නියෝජිතයින්,දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Comments