රථ වාහන හැර සියලු භාණ්ඩ ආනයනයට සැප්තැම්බරයේ සිට අවසර | සිළුමිණ

රථ වාහන හැර සියලු භාණ්ඩ ආනයනයට සැප්තැම්බරයේ සිට අවසර

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතු­‍ෙරන් මෝටර් වාහන හැර ඉතිරි සියලු භාණ්ඩ ආනයනයට ලබන සැප්තැම්බර් මාසයේ පළමු සතියේදී අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ. රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ඉකුත් බදාදා පැවැති සාකච්ඡාවකදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ. එසේම මේ වන විට භාණ්ඩ 286ක ආනයන තහනම් ඉවත් කර ඇති අතර රථ වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහංචි පෙර පරිදිම ක්‍රියාත්මක වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට පසුගිය දා පියවර ගනු ලැබීය.

ඒ අනුව මේ වන විට ආනයන තහංචි පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

ඉන්පසුව වාහන ආනයන තහනම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ. එහිදී ආරම්භයක් ලෙස විදත් වාහන (ඉලෙක්ට්‍රික්) ආනයන තහංචි ඉවත් කිරීමට අවධානය යොමුව ඇත.

Comments