බොරුව පිළිගත් ගානියාට අධිකරණයෙන් දඬුවමක් | Page 5 | සිළුමිණ

බොරුව පිළිගත් ගානියාට අධිකරණයෙන් දඬුවමක්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලබාදුන් අතර එය වසර පහකට අත්හිටුවන ලදී.

එම නියෝගයට අමතරව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග කළේ, රුපියල් 5,000/= ක දඩයක් සහ රුපියල් ලක්ෂ 20ක වන්දියක් රජයට ගෙවන ලෙසය. 2019 නොවැම්බර් 25 හෝ ඊට ආසන්න දිනකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල දී ආයුධ සන්නද්ධ පිරිසක් තමා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර ලිංගික හිරිහැර කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, ඇයට එල්ලවී තිබූ චෝදනාවය.

Comments