කොළඹ 15 ෆර්ගියුෂන් පාර, කැලණි නදී විහාරස්ථ දායක සභාව හා විශාඛා කුලඟන සමිතිය විසින් 3 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ඇසළ මහ පෙරහර ජූලි 16 වැනි දින පස්වරු 4.00 ට විදී සංචාරය කෙරේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කොළඹ දිසාවේ දිසාපාලක විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍ය අකුරැස්සේ ආරිය සාගර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. පෙරහර පස්වරු 4.00 ට 7 වන ගැමුණු හේවා බළකාය මට්ටක්කුලිය මූලස්ථානයෙන් ආරම්භ වී හේනමුල්ල, මාදම්පිටිය, තොටළඟ යන ප්‍රදේශවල සංචාරය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.