අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරීම අපේක්ෂාව බව ද දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 12,80,747ක් පමණක් බවත් එයින් පවුල් ඒකක 887,653ත් (70%) "අස්වැසුම" ප්‍රතිලාභීන් වශයෙන් දැනටමත් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650, 000ක් ඊට ඇතුළත් කොට ඇත.