දුටුවොත් මාළු පීනනවා වතුරේ කරදර නිමයි ජය අත්වෙනවා මිතුරේ | Page 5 | සිළුමිණ

දුටුවොත් මාළු පීනනවා වතුරේ කරදර නිමයි ජය අත්වෙනවා මිතුරේ

 

නින්දේදී දකින සිහින කියන පලාපල

 ගැබිනි මාතාවක් දුටුවොත් ළඟදී ආරම්භ කරන කටයුත්ත සාර්ථකයි

වස්තු ලාභ හිමිකර දෙන ගිනි දැල්

 

ඔබ අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

 

1. ගායනා කරමින් සිනාසෙන ස්ත්‍රිය -

ඉතා බරපතළ හදිසි අනතුරක් හෝ එවැනිම විපතක්

2. ගැහැනු ළමයෙක් (වැඩිවිය පැමිණීමට ආසන්න) - උදා වන්නේ ඉතාම වාසනාවන්ත කාලයකි.

3. ගැබිනි මාතාවක් - ආරම්භ කරන්නට බලාපොරොත්තු වන කටයුත්ත ඉතාම සාර්ථකය.

4. ගිනි තබන ලද හේනේ දැවී පිලිස්සුණු තැනක සිටීම - තමාගේ සමීපතම ඥාතියකුට හෝ මිත්‍රයකු හට භයානක විපතකි.

5. ගිර‍ෙවකු සමඟ කතා කරන අයුරු - කාලයක්ම අමනාප වී සිටි අයකු තමන් සමඟ යළි මිතුරු වේ.

6. ගිනි ගෙන දැවෙන සොහොන -

සතුරු පීඩාවක් හේතුවෙන් විවාහය හෝ ප්‍රේම සම්බන්ධය ඉතා දරුණු අන්දමින් නිමාවට පත් වේ.

7. ගිනිදැල් - මහත් වූ වස්තු සම්පත් සහ හදිසි ධන ලාභයකට හේතු වේ.

8. ගිතෙල් - වස්තු ලාභයකට විශේෂයෙන්ම පොළොවෙන් ලැබෙන වස්තුවකට හිමිකම් ලැබේ.

9. ගිනි ඇවිළෙමින් තිබෙන පෝරණුවක් -

ආදර සම්බන්ධතාවක් බිඳී යයි.

10. ගිජුළිහිණියා - විශාල ලාභයක් හිමි වේ. එහෙත් අනතුරක් අත ළඟයි.

11. ගිනි පෙනෙල්ල - තම ඥාතීන් වෙතින් අපවාද අවලාද අසන්නට සිදු වේ.

12. ගුරුවර‍ෙයකු උගන්වන අයුරු - තමාගේ හැකියාවන් අන්‍යයන්ගේ ඇගැයීමට ලක් වේ.

13. ගෙමැස්සන් ගේ තුළ සිටින අයුරු -

කරන කියන සියලු කටයුතු අසාර්ථක වීම නිසා සිත් වේදනා විඳින්නට සිදු වේ.

14. ගෙඩි පිරුණු ගසක් -

උදා වන්නේ සුබ කල දසාවකි.

15. ගෙමිදුලේ ඇති පහන් කූඩුව - අමනුෂ්‍ය බැල්ම නිවසට යොමු වීම නිසා දෝෂ සහිතය.

16. ගේ තුළට බල්ලෙක් / බල්ලන් පැමිණීම - නි‍ෙවසට භූත දෝෂ තදින්ම බල පවත්වයි.

17. ගේ තුළ අල, බතල ආදිය තිබෙන අයුරු - අනතුරක් හේතුවෙන් ඥාතීන්ට බරපතළ විපත් සිදු වේ.

18. ගෙතුළ ගින්නක් තිබෙනු දැකීම - ජීවිතයේ විශාල පෙරළියක්, ඇතැම් විට ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීමක් සිදු වේ.

19. ගේ තුළ මුදල් විසිරී ඇත්නම් - නඩුහබ හේතුවෙන් මුදල් හානි සිදු වේ. නඩුවෙන් පරාජයට පත් වේ.

20. ගේ තුළ කබරයින් එන බව දුටුවේ නම් - අනිවාර්යයෙන්ම මුදල් හානියක්, තමන්ගේ අතට ලැබෙන මුදල පවා සැණෙකින් විනාශ වේ.

21. ගේ තුළට මී ගවයින් සිටින අයුරු - මෙතෙක් තමා ඇසුරු කළවුන් වෙතින් දෝෂාරෝපණ නැඟේ.

22. ගේ තුළ තුඹසක් බැඳ තිබෙන අයුරු - මහත් විපතක් සිදු වේ.

23. ගේ තුළ පිහිටි තුඹසකින් නාගයන් පිට වීම - දරු උපතක් හේතුවෙන් විශාල කරදරයකට දුක් වේදනාවන්ට භාජනය වේ.

24. ගෙබිම ගොම ගානවා දැකීම - ඉතාම අශුභ සිහිනයකි. බරපතළ තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වේ.

25. ගොඩ මස් - මහත් වූ ධනයක් හිමි වේ.

26. ගොයම් කපන පිරිසක් - ඥාති මිත්‍රාදීන් වෙතින් උදවු උපකාර හිමි වේ.

27. ගොයම් ගොඩ ගසන අයුරු - සිටින තත්ත්වයෙන් ඉහළ තත්ත්වයට පත් වේ.

28. ගොඩ ගැසූ දිරාපත් යකඩ සුන්බුන් - හදිසියේ සිදුවන උවදුරක් හේතුවෙන් දරන්නට නොහැකි තරමේ පාඩුවක් සිදු වේ.

29. ගොඩ ගසන ලද පිදුරු -

සමීපව ඇසුරු කරන්නා වූ සියලු දෙනාගේම පිළිකුලට ලක් වේ.

30. ගෝනුස්සා / ගෝනුස්සන් -

සුබ සිහිනයකි, ධන සම්පත් ද, දරු සම්පත් ද, බලවතුන් වෙතින් උපකාර ද ලැබේ.

31. ගෝනා - ඇසුරු කරන්නවුන් අතර තදබල මතභේද ඇති වේ.

32. ගෝන අං තට්ටුව -

ඉතාම යහපත් පුද්ගලයකු මිතුරකු ලෙස ඇසුරු කරන්නට අවස්ථාව උදා වේ.

33. චණ්ඩාල පුරුෂයා - අනියම් සබඳතාවක් හෙළි වීමෙන් දරුණු විපතක් සිදු වේ.

34. චණ්ඩාල ස්ත්‍රිය - සර්පයන්ගෙන් අනතුරු සිදු වීමට ඉඩ තිබේ.

35. චන්ද්‍ර ග්‍රහණය - අමනාප වී සිටි ඥාතීන් අතර යළිත් හොඳ හිත ඇති වේ.

36. දළ ඇති සතුන් පහර දීමට පන්නාගෙන එන අයුරු - රාජ භය ඇති වේ.

37. දත් ගැලවී වැටෙන අයුරු - බලවත් කම්පාවක් ඇතිවන හදිසි මරණයක් අසන්නට දකින්නට ලැබේ.

38. දාසයෙක් (යටහත් මෙහෙකරු) -

පීඩා විඳින රෝගී තත්ත්වයෙන් අත් මිදේ.

39. දාසියක් (මෙහෙකාරිය) -

උත්සව අවස්ථාවකට අකමැත්තෙන් සහභාගි වන්නට සිදු වේ.

40. දානමය පින්කමක් - තමන් සතු මුදල් වැය වී අනුන්ට අත පාන්නට සිදු වේ.

41. දැඩි අඳුරේ එළියක් නැතිව ගමන් කිරීම - ස්ථීර වශයෙන්ම නුදුරු කාලයේ දී බලවත් විපතක්.

42. දැත්ත (ජලාශ්‍රිත ශාකයක්) - බොහෝ කාලයක් තමා සඟවාගෙන සිටි රහසක් ප්‍රසිද්ධ වීම නිසා අපහසුතාවට පත් වීම.

43. දියේ මසුන් පිහිනන අන්දම - දුක් කරදර නිමා වී වාසනාවන්ත කාලයක් උදා වේ.

44. දිමියන් / දිමි ගොටු - පදිංචි ස්ථානය පිළිබඳ නඩුවකින් පරාජයට පත් වේ.

45. දිරාපත් වූ ලී දඬු ගොඩ ගසා ඇති අයුරු - තදබල කම්පාවක් සහ මහත් පාඩුවක් සිදු වන මරණයක්.

46. දිරාපත් රෙදි කඩමාලු - ගිනි භය ඇති විය හැකිය.

47. දිරාපත් පැදුරු කඩමාලු - අත ඇති මුදල් වැය වීමට කරුණු යෙදේ.

48. දිය මස් - මහත් වූ වස්තුව ලබයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

Comments