![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/14/water%20Cut.jpg?itok=uxfZSdf6)
කොළඹ ප්‍රදේශ රැසකට හෙට (15) පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
උදෑසන 08.00 සිට හෙට රාත්‍රී 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 01 සිට 04 සහ 07 සිට 15 දක්වා ප්‍රදේශවලටය.
මාළිගාකන්ද සහ එලිහවුස් ජල පරිශ්‍ර වෙත ජලය සපයනු ලබන පොම්පාගාරයේ විදුලි සැපයුම් පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.